කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
අලුත් සිත
"මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා, නුඹලාගේ මුරණ්ඩු ගල්සිත පහකොට කීකරු සිතක් නුඹලාට ලබා දෙන්නෙමි.
මාගේ ආත්මය නුඹලා තුළ නිදන්කොට, නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්නට සලස්වන්නෙමි."
-එසීකියෙල් 36:26-27
අනාගත වක්තෘ එසීකියෙල් තුළින් ප්‍රකාශ කරණ ළද ඉහත සඳහන් බයිබල් පදය තුළින් පැහැදිළි වන්නේ, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනග වෙනුවෙන් අලුත් දෙයක් කිරීමට සුදානම් වන බවයි.
නුමුත් "නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටුකරන්නට සලස්වන්නෙමි" යන ඒ කොටසින් පෙනෙන්නේ, එසේ කිරීම පිටුපස හේතුවක්ද තිබෙන බවයි.
එසිකියෙල් පොතේ දෙවියන්වහන්සේ විසින් කිරීමට සුදානම්වන මේ ක්‍රියාව තේරුම් ගැනීමට නම් පළමුවෙන්ම අප මෙහි ලියවී ඇති "ගිවිසුම" යන වචනයේ තේරුමද තේරුම් ගතයුතුයි.
ගිවිසුම යනුවෙන් අදහස් වන්නේ; දෙපාර්ශයක් අතර ඇතිකර ගන්නාවූ ස්ථිර පොරොන්දුවකි. මෙහි ඒ කණ්ඩායම් දෙක දෙවියන්වහන්සේ සහ ඉශ්රායෙල් සෙනග යනුවෙන් දැකිය හැකියි. එසේම "ගිවිසුම" එක පොරොන්දුවක් මත හෝ පොරොන්දු මාළාවක් මත පිහිටුවා ගත් එකක්ද වියහැකි වන අතර ඕනෑම ගිවිසුමක ඇති විශේෂත්වය වන්නේ; "පිහිටුවා ගන්නාවූ ඒ ගිවිසුම නොකඩවා පැවැත්වීමටත් ගිවිසුම් ගන්නා සියලු පාර්ශවයන් සම්පුර්ණයෙන්ම බැඳී සිටීමයි." එබැවින් ගිවිසුමට බාහිරෙන් පැමිණෙන මොනයම් ආකාරයක හේතුවක් නිසා හෝ ගිවිසුම කඩනොකිරීමට සියලු කණ්ඩායම් එකඟව පොරොන්දුවෙන් බැඳී සිටියි.
මෙවැනි පොරොන්දු හෝ ගිවිසුම් පිහිටුවා ගැනීම ඈත අතීතයේ සිදුවූ අතර එවැනි ගිවිසුම් මේ වර්තමානයේ පවා අප අතර සිදුවෙයි. ඒ නුමුත් එවැනි ගිවිසුම් හඳුන්වාදීමට වර්තමානයේ අප යොදාගන්නේ "කොන්තරාත්තුව" යන වචනයයි.
ආඥාව නොකඩවා පැවැත්වීමට දෙවියන්වහන්සේ සමග ඉශ්රායෙල් සෙනග එකල පොරොන්දුවක් ඇතිකර ගෙන ඒ මත ක්‍රියා කිරීමට පුරුදුවී සිටිබව එසිකියෙල් විසින් පෙන්වාදෙන මේ වෙනස්කම සිදුකිරීමට මුල්වූ හේතුව ඒ හා සමග සම්බන්ධයෙන් මතුවුවක් බවත් පසුබිම විස්තර සපයයි.
බයිබලයේ මෙවැනි ගිවිසුම් දැකිය හැකිවන අතර උදාහරණයක් ලෙසින් මෝසෙස්, සිනායි කන්දෙන් පහලට බැස ඇවිත් ඉශ්රායෙල් සෙනග ගිවිසුමකට බන්දා ගත් ආකාරය නික්මයාම පොතේ ලියවී තිබෙයි.
"මෙය දෙවියන්වහන්සේ විසින් නුඹලාට දෙනලද ආඥාවයි,
ඒ ගැන නුඹලා ගන්නාවූ තීරණය කුමක්දැයි?" කියමින් ඔහු සෙනගගෙන් විමසු විට,
ඉශ්රායෙල් සෙනග මෝසෙස්ට ඉතා උස් හඬින් පැවසුවේ,
"අප එය පවත් වන්නෙමු!
අපි එය පවත් වන්නෙමු!"
කියා පොරොන්දු දීමයි. එසේ කිරීමෙන් දෙවියන්වහන්සේ විසින් දෙන ලද ඒ ආඥාව පැවැත්වීමට පොරොන්දු දීමෙන් දෙවියන්වහන්සේ සමග එදින ගිවිසුමක් පිහිටුවා ගත්හ".
ඉශ්රායෙල් ජනතාවගේ අතීත කථාව සටහන් ඉතිහාසයේ දැකියහැකි ද්විතිය කතාව පොත සහ ජෝෂුවා ගේ පොත්ද ඒ ගැන බොහෝ උදාහරණ සපයයි.
දෙවියන්වහන්සේ සහ ඉශ්රායෙල් ජනතාව ඇති කරගෙන සිටිය ඉහත සඳහන් "ගිවිසුම" තුල කිසි වැරැද්දක් දැකීමට නොහැකි වූ නුමුත් එතුල පන නැගුන ප්‍රශ්ණය වුයේ ගිවිසුමට අයත් පොරොන්දු ඒ ලෙසින් පැවැත්වීමට ඉශ්රායෙල් සෙනග අපොහොසත්විමයි. ඒ අනුව ඔවුන්ගේ පැත්තෙන් පොරොන්දුව කඩ කිරීමේ තත්ත්වයට ඔවුන් පත්ව සිටීමයි. පොරොන්දු නොකඩවා පැවැත්වීමට අපොහොසත් වීමට ඉශ්රායෙල් සෙනගගේ පාපිෂ්ඨ ස්වභාවයද හේතු වූ බවත් පසුබිම පෙන්වයි.
ඉශ්රායෙල් සෙනග ගේ පැත්තෙන් පොරොන්දුව කඩවී යාම නිසා දැන් දෙවියන්වහන්සේ නැවත වතාවක් එසීකියෙල් තුළින් පවසා සිටින්නේ, පොරොන්දුව නැවත අළුත් කරගැනිමට උන්වහන්සේ කැමති වී සිටින වගයි.
පාපය හේතුකරගෙන අප දුර්වල මනුෂ්‍යයන් වී සිටින බැවින් උන්වහන්සේගේ අඥාවන් නොකඩවා පැවැත්වීමට දුන් පොරොන්දු අප අතින් දිගින් දිගටම කඩවී යෑමේ හේතුව මෙහිදීද පැනනගියි. එබැවින් දැන් දෙවියන්වහන්සේ තම අනාගත වක්තෘවරයා තුළින් පවසා සිටින්නේ, දේව අණ පණත් වලට කීකරුව සිටීමට ඇති ඒ බාධාව වෙනුවෙන් උන්වහන්සේම අපට පිහිටවීමටත් සුදානම්ව සිටින බවයි.
උන්වහන්සේගේ මේ විශේෂ කරුණාව නිසා දැන් ඒ දුර්වලකම තවදුරටත් පොරොන්දුව පැවැත්වීමට බාධාවක් නොවීමට හේතු වීමට යන බවත් එසිකියෙල් තුළින් උන්වහන්සේම ප්‍රකාශකර සිටියි. එසේ වීමට මුල්වන හේතුව ලෙසින් පසුබිම පෙන්වාදෙන්නේ පව්කාර මිනිසුන් වන අපගේ දුර්වලකම ඉදිරියේ දෙවියන්වහන්සේ කරුණාවෙන් අප ගැන ක්‍රියා කිරීමට යන වගයි.
එසිකියෙල් තුලින් දෙවියන්වහන්සේ ගිවිසුම නොව නුමුත් එය පැවැත්වීමට යද්දී මිනිසුන් මුහුණ දෙන අමාරුකම වෙනුවෙන් වෙනස්කමක් කිරීමට සුදානම් වන බව පෙනෙයි.
එසේ පොරොන්දුව පැවැත්වීමටත් උපකාර කිරීම තුලින් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
මේ ප්‍රශ්ණයද ගැනත් සොයා බලා දැනගැනීම අපට මෙහිදී වැදගත් වන්නේ, එතුල දෙවියන්වහන්සේ ගේ සැළැස්ම සහ අභිප්‍රායද අඩංගු වී තිබෙන බැවින් ඒවා දැනගන්නා පිණිසයි.
ගිවිසුම අලුත් කරගැනීමට මුල්වූ පළමු හේතුව.
දෙවියන්වහන්සේට කීකරුව ජීවත්වීමට යන බවට දෙවියන්වහන්සේ සමග ඇති කරගත් ඒ පොරොන්දුව නොකඩවා දිගටම පවත්වාගෙන යෑමට මිනිසුන් (ඉශ්රායෙල් සෙනග) අපොහොසත්වීම.
නුමුත් දෙවියන් වහන්සේ ඒ වෙනුවෙන් කරන්නේ, පොරොන්දු කඩ කිරීමේ හේතුව නිසා ඉශ්රායෙල් සෙනග හෝ ඔවුන් සමග උන්වහන්සේ ඇතිකරගත් පොරොන්දුව අත්හැර දමනවා වෙනුවට, මිනිසාගේ ඒ දුර්වලකම දෙස අනුකම්පාවෙන් බලා දුර්වල මිනිසාට නැවත වාරයක් අලුත් අවස්තාවක් ලබාදීමට කැමැත්තෙන් ක්‍රියා කිරීම දැකීමයි. මේ ක්‍රියාව මිනිසා කෙරෙහි ඇති උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය සහ කරුණාව එළිදක්වයි.
ගිවිසුම අලුත් කරගැනීමට මුල්වූ දෙවැනි හේතුව.
මිනිසාගේ පැත්තෙන් පොරොන්දු කඩ කිරීමට හරස්වූ හේතුව මිනිසාගේ (දුර්වලකම) පාපිෂ්ඨ ස්වභාවය වීම.
ආදම්ගේ අකීකරුකම හේතුවෙන් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ කමෙන් වෙන්කරනු ලැබූ මිනිසා දැන් පාපයේ බලය විසින් පාලනය කිරීමේ හේතුව නිසා දෙවියන්වහන්සේට කිකරුව ජීවත්වීමට ආශාව තිබුනත් එසේ කිරීමට නොහැකිව පාපයේ බලයෙන් දුර්වලව ජීවත්වීම.
මේ හේතුව නිසා දැන් උන්වහන්සේම ඔවුන්ට ඒ වෙනුවෙන්ද උපකාර වීමටත් යන බවට දී ඇති ඒ පොරොන්දුව මිනිසාට යම් ආකාරයක බලාපොරොත්තුවක් මෙන්ම සිතට සහණයද ලබාදෙන බව පෙනෙයි.
ගිවිසුම අලුත් කරගැනීමට මුල්වූ තුන්වැනි හේතුව
ආදම්ගේ අකීකරුකම නමැති ඒ පාපයේ බලපෑමේ හේතුවෙන් පාපයේ බලයටම වහල්වී සිටීන මිනිසාට එයින් ගැලවීමක් නොමැතිව අසරණව සිටීම.
දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ වීමත් එබැවින් උන්වහන්සේ මෙන් ධර්මිෂ්ඨ ලෙසින් ජීවත්වීමට පාපයේ හේතුව නිසා මිනිසාට නොහැකි වීමත් නිසා (දේව ආඥාව පැවැත්වීමට මිනිසාට නොහැකිවීම නිසා) ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේම මිනිසාගේ ඒ පාපයේ දුර්වල කම වෙනුවෙන්ද පිහිට වීමට ඉදිරිපත්වීම.
දෙවියන්වහන්සේගේ පොරොන්දුව
දුර්වල මිනිසාගේ ආත්මික දුර්වලකම මඟහැර ගෙන පාපයේ බලයෙන් ජයගැනීමට හැකිවන පිණිස දෙවියන්වහන්සේ විසින් සැලසුම් කිරීමට යන මේ අලුත් ගිවිසුම ගැන දීර්ඝ විස්තරයක් දෙවියන්වහන්සේම විසින් යෙරෙමියා නමැති අනාගත් වක්තෘවරයා තුලින්ද විස්තර කරයි.
''ඉශ්රායෙල් සෙනඟ හා යුදා සෙනඟ සමඟ මා අලුත් ගිවිසුමක් කරණ කාළය පැමිණෙන්නේය.
ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන ආ කාලයේ දී, ඔවුන් මා හා සමඟ කළ ගිවිසුම ඔව්හු කඩ කළෝය.
මෙසේ පවසන්නේ දෙවියන්වහන්සේ වන මමය.
ඒ කාළය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ.
මම මාගේ අණපණත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝය.
මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා, නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි.
මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට,
නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.
එසේම එකළ නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට,
නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලාම නුඹලා පිළිකුල් කරගන්නහුය.
මම නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් නුඹලා ගළවන්නෙමි.
මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි."
-යෙරමියා 31.
දේව අඥාවන් කඩ නොකර පැවැත්වීමටත්, දෙවියන්වහන්සේ සමග සහභාගිකම පවත්වාගෙන යාමට හැකිවන අයුරින් ධර්මිෂ්ඨ සිතක් ලබා ගනු පිණිසත් දෙවියන්වහන්සේම විසින් සපයා දෙන්නට යන මේ අලුත් බලාපොරොත්තුව උන්වහන්සේ විසින් අලුත්කර ගැනීමට සුදානම් වන ඒ ගිවිසුමට ඇතුලත් වී තිබෙන ආකාරය යෙරෙමියාගේ පණිවිඩයද විස්තරාත්මකව පැහැදිලි කරයි.
දේව ආඥාව යනු දෙවියන්වහන්සේගේ කැමැත්තයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත ආඥාව ලෙසින්ද පෙනී සිටියි. එය උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ස්වභාවය හුවා දක්වයි.
දෙවියන්වහන්සේ වෙනස් නොවන්නාක් මෙන් උන්වහන්සේ විසින් දෙන ලද ආඥාවද වෙනස් නොවන්නේ, උන්වහන්සේ කිසිවිටෙකත් වෙනස් නොවන හේතුව උඩයි. එබැවින් ආඥාව මෙන්ම දෙවියන්වහන්සේද කිසිවිටෙකත් වෙනස් නොවෙයි. මේ වෙනස් නොවන ස්වභාවය පෙන්වාදෙන්නේ , දේව ආඥාව මෙන්ම එය පිටුපසින් පෙනීසිටින දෙවියන්වහන්සේගේ ස්වභාවයත් කිසිකලෙකත් කිසිම හේතුවක් නිසාවත් නොවෙනස්වන ස්තිරත්වයයි. හේතුව එය දේව ස්වභාවය වීමයි. එබැවින් ආඥාව පැවැත්වීම ඉදිරියේදී වෙනස් නොවී එයට කිකරුවීමේ වගකීම මිනිසාගේ පැත්තටද බලපායි.
ඒ දෙවියන්වහන්සේගේ පැත්තයි. නුමුත් මිනිසාගේ පැත්ත බලනාවිට පෙනෙන්නේ එකේ අනෙක් පැත්තයි. පාපයේ බලය මිනිසා දෙවියන්වහන්සේ ගෙන් වෙන්කිරීමට සමත් වන්නේද ඒ හේතුව උඩයි. එබැවින් මිනිසා මුහුණ දෙන මේ ආත්මික පරාජය වූ පාපය නමැති බලවේගයට අවශ්‍යය විසදුම දෙවියන්වහන්සේම බාරගෙන ඒ වෙනුවෙන් ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉදිර්පත්විම ගිවිසුම අලුත්කරගැනීමට මුල්වූ එකම හේතුව බවත් පැහැදිලිවම පෙනෙයි.
ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේ දෙන පොරොන්දුව වන්නේ, දෙවියන්වහන්සේට කීකරුව ජීවත්වීමට අවශ්‍යය බලය මෙන්ම පාපයේ බලයයෙන් නිදහස ලබාදෙන පොරොන්දුවයි. දෙවියන්වහන්සේ ඉදිරියේ කිකරුවිමට අපොහොසත්වන පිණිස දුර්වලවී ඇති මිනිසාගේ පව්කාර සිත නමැති ඒ ඇතුලාන්තය ජයගනු පිණිස ආත්මයෙන් උන්වහන්සේම අපගේ සිත තුලට පැමිණ ඒ වෙනුවෙන් පිහිට වීමට යන පොරොන්දුවයි.
දෙවියන්වහන්සේ විසින් අලුත් කිරීමට අදහස් කරන මේ ගිවිසුම ඉටුවීමට යන විශේෂ කාල වකවානුව ගැනත් යෙරෙමියා අදහස් දක්වයි. "කාලය සම්පුර්ණ වූ විට" උන්වහන්සේ එය ඉටුවීමට සලස්වන බවත් උන්වහන්සේම ඒ ගැන පවසා සිටියි. ඒ අනුව එය සිදුවීමට යන්නේ අනාගතයේ දී (ඒ දවසේදී ) බවත් අනාවැකිය පැහැදිලිව පවසා සිටිනු පෙනෙයි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසාගේ පාපය වෙනුවෙන් දෙවියන්වහන්සේ විසින් සැලසුම් කල ඒ ගැලවීමේ මාර්ගය බව ශුභාරංචි පොත් පැහැදිලි කරයි. පාපයේ බලයට යටත් වී සිටින මිනිසාගේ ඒ පාපයට අවශ්‍යය දඬුවම වූ මරණය ගෙවා දැමීමට දෙවියන්ව්හන්සේම මිනිස් ස්වරුපයෙන් මෙලොවට පැමිණියේ සියලු මිනිසුන් පාපයේ බලයට යටත්වී සිටීමේ හේතුවයි. ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේම එබැවින් මිනිස් වර්ගයාගේ පාපයට දඬුවම වූ මරණය විඳීම තුලින් පාපයේ දඬුවම ගෙවා දැමු බැවින් දැන් යේසුස් වහන්සේ තුලින් ලැබෙන පව්කමාව තුලින් ධර්මිෂ්ඨ සිතක් ලබාගැනීමේ මාර්ගය මිනිස් වර්ගයාට උදාවෙයි.
දෙවියන්ගේ ආත්මය මිනිසුන්ගේ හදවත් වලට පැමිණීම යන මේ පොරොන්දුව පෙන්තකොස්ත දිනයේදී සම්පුර්ණ වීම දැකීම
ආඥාවට කීකරුවී ජීවත්වීමට තිබු නොහැකියා වූ ඒ පාපයේ දුර්වල කම මඟ හැර ගැනීම වෙනුවෙන් දෙවියන්වහන්සේ විසින් එදා එසිකියෙල් සහ යෙරෙමියා තුලින් දුන් ඒ පොරොන්දුව පෙන්තකොස්ත දිනයේදී සම්පුර්ණ වූ බව පෙනෙන්නේ, පෙන්තකොස්ත දිනයේදී යේසුස් වහන්සේ දෙවියන්වහන්සේ බව පිළිගෙන උන්වහන්සේ විසින් දෙනලද පව්කමාව පිළිගත් ඇදහිලිවන්තයන් ගේ හදවත් කෙරෙහි දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ පැමිණීම වීමයි.
"මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා,
නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි.
මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට,
නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි."
යන ඒ යෙරෙමියා තුලින් පැවසු පොරොන්දුව පෙන්තකොස්ත දිනයේදී සම්පුර්ණ වූ බව පැහැදිලිව දැකීමට හැකියි.
මෙතෙක් පාපය නමැති ඒ බෙදීම නිසා මිනිසාගෙන් වෙන්ව බාහිරින් සිටිමින් ක්‍රියා කල දෙවියන්වහන්සේගේ ආත්මය, එදා මිනිසාගේ සිත තුලට පැමිණියේ යේසුස් වහන්සේ විශ්වාස කරමින් ඒ විශ්වාසය තුලින් දෙවියන්වහන්සේ වෙතින් ඔවුන්ගේ සිත් පාපය නමැති බලවේගයෙන් අලුත් කරගැනීමේ හේතුවයි.
දෙවියන්වහන්සේ ගේ ආත්මයාණන් පව්කාර මිනිසාගේ හදවත් තුලට පෙන්තකොස්ත දිනයේදී පැමිණීමෙන් අනතුරුව ඇදහිලිවන්තයන් තුල සිදුවූ පෙරලිය ක්‍රියා පොතේ ඇති වාර්තා පෙන්වාදෙයි.
ඒ අනුව එසිකියෙල් තුලින් පොරොන්දුවී යෙරෙමියා තුලින්ද දෙනු ලැබූ මේ අනාවැකිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ජිවිත පුජාව තුළින් අප ලබන පව්කමාව කරණකොටගෙන සම්පුර්ණ වන්නේ දෙවියන්වහන්සේගේම ආත්මය අප තුලට පැමිණීම තුලින් පාපයෙන් ජයගැනීමට අවශ්‍යය බලයද උන්වහන්සේම අපට ලැබීමට සැලැස්වීමත් සමගයි.
මේ ගැන යේසුස් වහන්සේද තම ගෝලයන්ට ඉගැන්වූ බවත් ශුභාරංචි පොත්වල පැහැදිලි වෙයි;
"ශුධාත්මයාණන් නුඹලා වෙත පැමිණි කළ, නුඹලා බලය ලබන්නාහුය."
පරණ ගිවිසුම කාලයේ දෙවියන්වහන්සේගේ ආත්මය උන්වහන්සේගේ සෙනග "සමග" වාසය කලාක් මෙන් නොව, නුමුත් දැන් (ක්‍රිස්තුස් වහන්සේ ගෙන් පසු) උන්වහන්සේගේ ආත්මය අපගේ සිත "තුළට" පැමිණ ජීවත්වීමට පටන් ගැනීමත් සමග සිදුවූ පෙරලිය වන්නේ, දෙවියන්වහන්සේගේ උපකාරය නොමැතිව ආඥාවට කීකරුව ජීවත්වීමට අපොහොසත් වූ මිනිසුන් දැන් දෙවියන්වහන්සේගේ ආඥාව ලෝකයාට බෙදා ගන්නාවූ සාක්ෂිකාරයන් බවට පත්වීමයි.
ඇදහිලිවන්තයන් හැටියට මේ වර්තමානයේ ජිවත්වන අප තුලත් ඒ අනාවැකිය සම්පුර්ණ වුයේද, යේසුස් වහන්සේ තුලින් අප ලද පව් සමාව තුලින් ලබාගත් ඒ "අලුත් සිත" හේතුකර ගෙනයි. වර්තමානයේ අපිත් දෙවියන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරීම පෙන්නා දෙන්නේද දෙවියන්වහන්සේ ගේ ඒ ආත්මයේ බලය තුලින් වෙනස්වූ අපගේ අලුත් ජිවත රටාවයි.
ඒ අනුව වර්තමානයේ දෙවියන්වහන්සේගේ ආත්මය ජීවත්වන්නේ ඇදහිලිවන්තයන වන අපගේ "සිත" තුලයි.
යහපත් ජිවිතයක් ගත කිරීමට උත්සාහ ගැනීමේදී අප සියළුදෙනා මුහුණ දෙන අභියෝගය වන්නේ; ස්වර්ගික දේවල් අප ඉදිරියේ අදුර්ශමාන බැවින් ඒවා අපට නොපෙනීම වීමත් එසේම ලෝකයේ ලෞකික දේවල් අපට හොඳින් දැකගත හැකි වීමත් නිසා නොපෙනෙන ආත්මික දේවලට වඩා අපි අප ඉදිරියේ ඇති ලෞකික දේවලට ආශා වීමද වීමයි. ඒ බැවින් ආත්මික ජීවිතය දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ගොඩනගා ගැනීම ඉදිරියේදී මේ දෙකෙන් එකක් තෝරා ගැනීමට නොහැකිව ඒ ගැන පොරබැදීමක් අප තුල හටගන්නේ අප තුල බලපවත්වන පාපයේ බලයේ බලපැවැත්ම උඩයි. මේ අපහසුකම ස්වභාවයෙන් අප තුල ක්‍රියාවට නැගෙන පාපයේ ස්වභාවය පෙන්නුම් කරයි.
ස්වභාවිකව අප ඉදිරියේ ඇති දේවල් අපගේ සිත පමණක් නොව නුමුත් අපගේ ලෞකික ශරීරය පවා තෘප්තිමත් කරවීමට හැකි නිසා ඒවා නුසුදුසුයි යන හැඟීම අප තුලින් පැනනැගුනත් වැරදි දේ කෙරෙහිම අපගේ සිත ඇදීයෑම යන මේ ක්‍රියාව අප මුහුණදෙන ආත්මික පොරබැදීමයි.
එබැවින් සිත අලුත් කරගැනීමේ අවශ්‍යයතාවය එදා මෙන්ම මේ අදටත් අප ඉදිරියේද එකසේ මතුවෙයි. නුමුත් මෙහිදී පවා අපට අපගේම ස්වකිය උත්සාහයෙන් මේ පොරබැදීමෙන් ජය ලබාගැනීමට නොහැකි වන්නේද, මිනිසුන් හැටියට අපත් පාපය නමැති ඒ බලවේගයට යටත්ව සිටින හේතුවයි. නුමුත් ඒ වෙනුවෙන් යේසුස් වහන්සේ තම ජීවිතය පුජාකර පාපයේ වහල්මෙන් නිදහස්වීමට මාර්ගය දැන් විවර කරදී ඇති බැවින් ඒ වෙනුවෙන් අපට බලාපොරොත්තුවක් තිබෙයි. වර්තමානයේ ජිවත්වන අපට දෙවියන්වහන්සේ සමග සහභාගිකම පැවැත්වීමටත් උන්වහන්සේට කිකරුවී ජීවත්වීමටත් අවශ්‍යය හැකියාව තිබෙන්නේ යේසුස් වහන්සේ විසින් විවරකරදුන් ඒ ගැළවීමේ මාර්ගය පිළිගෙන විශ්වසකර ඇදහීම තුලින් පමණක් බවත් මෙහිදී අපත් තේරුම් ගැනීමට අවශ්‍යය වන්නේ අපත් ආත්මිකව ඒ තුලින් ජයලබනා පිණිසයි.
ගිවිසුම අලුත් කරගැනීමට මුල්වූ දෙවියන්වහන්සේගේ අභිප්‍රාය පිටුපසුන් ඇති එකම බලාපොරෝත්තුව වුයේද පව්කාර මිනිසා දෙවියන්වහන්සේ සමග සහභාගීකම ඇතිකරගනු දැකීම පමණයි.
අලුත් සිතක් අපට ලබාදීමට දෙවියන්වහන්සේ තීරණය කරන්නේ, දෙවියන්වහන්සේගේ ආත්මය අප තුලට පැමිණෙන පිණිසයි. ඒ තුලින් උන්වහන්සේ බලාපොරොත්තු වුයේ උන්වහන්සේ සමග සහභාගිකම පවත්වමින් උන්වහන්සේගේ ආශීර්වාදය තුල සියලු මිනිස් වර්ගයා ජීවත්වනවා දැකීමයි.
නුමුත් ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේ විසින් සැලසුම් කල ඒ ගැලවීමේ මාර්ගය විශ්වාස කර පිළිගැනීමේ වගකීම අප එකිනෙකා සතුවෙයි.